ගෝඨාභය දළදා මාළිගාව ඉදිරියේ ජයඝෝෂා කල අය නිහඬ කරයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අස්ගිරි-මල්වතු මහා නාහිමිවරුන් බැහැ දැක උන් වහන්සේලාගේ ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාව සදහා විපක්‍ෂ නායක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා එම පක්‍ෂ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

මල්වතු අස්ගිරි නාහිමිවරුන් මුණ ගැසීමට පොරාතුව පිරිස දලදා හිමියන් වැද නමස්කාර කලහ.

එම පිරිස එහි පැමිණීමේදී මාලිගාව ඉදිරියේ සිටි ජනතාව ජයඝෝෂා කරන්නට පටත් ගත්තද ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ‘මෙතන සද්ද කරන්න එපා’ යැයි පවසා නිසා එය නතර කර ඇත.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *