අපි තවම අපේක්ෂකයා විවේචනය කරන්න පටන් ගත්තේ නෑ – පොන්සේකා කියයි

අපි තවම අපේක්ෂකයා විවේචනය කරන්න පටන් ගත්තේ නෑ. රට හදන්න බැරි නුසුදුස්සෙක් ආවොත් හෘද සාක්ෂියට එකඟව වේදිකාවට නැඟලා ඔවුන් වෙනුවෙන් කැප කිරීම් කරන්න බැරි වෙනවා.යැයි ද

බල ලෝභයෙන් යුතුව නායකත්වය වෙනස් කිරීමෙන් පමණක් පක්ෂයකට ජයග‍්‍රහණය කළ නොහැකි යැයිද හිටපු ඇමැති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

රාගම ප‍්‍රදේශයේ දී පසුගිය දා පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේද කීවේය.

අපේ පක්ෂය ඇතුළේ ගැටලූ තියෙනවා. එ්වා සමථයකට පත් කර ගත යුතුයි. ගෝඨාභයට බණින අය ?ට ඔහු සමඟ  ගනුදෙනු කරනවා. එවැනි වැඩ කිරීමෙන් සිදු වෙන්නේ පාක්ෂිකයන් අතරමං වීම.
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පැමිණියහොත් රටේ මේ තිබෙන තත්ත්වයත් එක්ක ඔහුට පරිපාලනය කරන්න හැකියාවක් තිබෙනවාදැයි මෙහිදී මාධ්‍ය විමසූ ප‍්‍රශ්නයට ෆොන්සේකා මහතා

අපි තවම අපේක්ෂකයා විවේචනය කරන්න පටන් ගත්තේ නෑ. රට හදන්න බැරි නුසුදුස්සෙක් ආවොත් හෘද සාක්ෂියට එකඟව වේදිකාවට නැඟලා ඔවුන් වෙනුවෙන් කැප කිරීම් කරන්න බැරි වෙනවා.යැයි ද

ඒ නිසා විවේචන පටන් ගන්න තාම කල් වැඩියි. බල ලෝභය වෙනුවෙන් වෙනත් අයෙක් නායකයාගේ පුටුවේ වාඩි වෙලා ගමනක් යන්න ගියාට පක්ෂයට හෝ ජනතාවට ඉන් වැඩක් වෙන්නේ නෑ යැයිද වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *