මැකෝ ඉල්ලා අස්වෙන්න යයි

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායක කරු ජයසුරිය වෙත දැනුම්දී ඇති බව කථානායක මාධ්‍ය අංශය වාර්තා කර සිටිනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දැක්වු කථානායකවරයා සඳහන් කළේ, මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මෙම අවස්ථාවේදී ස්වකීය ධූරයෙන් ඉවත් නොවී පුර්ණ කාලයම එහි කටයුතු කිරිම සුදුසුය යන්න සිය අදහස බවයි.

විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් සභාපතිවරයාගේ නා‍යකත්වය යටතේ මැතිවරණ කොමිසන් සභාව ඉටුකළ විශිෂ්ඨ කාර්යභාරය අගය කළ කථානායකවරයා සඳහන් කළේ මැතිවරණ ක්‍රියාවලිය තුළ හඳුනාගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ  සිදු කිරිම සඳහාත්, ඉදිරියේදී එළඹන තීරණාත්මක මැතිවරණ ප්‍රශස්ත අන්දමින් මෙහෙයවීම සඳහාත් මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාගේ මෙහෙයවීම ඉතා වැදගත් වනු ඇති බවයි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *