කෙක්කෙන් හෝ කොක්කෙන් එජාප නායකත්වය සජිත්ට ?

සජිත් ප්‍රේමදාස ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුණොත් නව දේශපාලන පක්ෂයක් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වී තිබෙන බව සජිත්වාදී ව සිටිනා එජාප බලවතුන් පවසයි . නමුත් ඒ සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නොමැති බවද පවසන ඔවුන් ජනපතිවරණ අපේක්ෂකවත්වය ලබා ගත් සේම මෙවරද තම අරමුණ කෙසේ හෝ ජය ගන්නා බවද ඔවුන් පවසයි

මේ අතර දෙසැම්බර් 03 වැනිදා පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර එදින විපක්ෂ නායක ආසනයේ අසුන් ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳවද දේශපාලන ක්‍ෂේත්‍රයේ දැඩි කතාබහක් මේ වන විට සිදුවෙමින් තිබෙයි

විපක්ෂ නායක ධුරයට අමතරව එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයද සජිත් ප්‍රේමදාස මහතාට ලබාදී ඔහු එහි නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත් කිරීමටද රනිල් වික්‍රමසිංහ ද එකඟතාව පළකර ඇති බවද මේ වන විට වාර්ථාවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *