ගෝඨාභය පාර්ලිමේන්තු වාර අවසන් කරයි ?

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (01) හෝ හෙට දිනයේදී නිකුත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

නව රජය බලයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබුණු අතර අද හෝ හෙට දිනයෙන් වත්මන් සැසිවාරය අවසන් කොට සතියකින් පමණ නව සැසිවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව නව සැසිවාරය ආරම්භයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වැනි තනතුරු සහ සියලුම කාරක සභා සඳහා සාමාජිකයින් අලුතින් පත්කිරීම සිදු කෙරෙනු ඇති.

RN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *