බැසිල් මාස තුනකට ඇමරිකාවට යයි ?

එළඹෙන 05 වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යළි ඇමරිකාව බලා පිටත් වීමට සුදානමින් පසුවන බව වාර්තා වෙයි. 

එලෙස ඔහු ඇමරිකාවට යන්නේ මාස තුනක පමණ කාලයකට බවද එම ආරංචි මාර්ග පවසයි .

ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවද එළඹෙන මාර්තු 01 වැනිදායින් පසු යළි මහ මැතිවරණයකට යාමට සිදු වන පසුබිමක බැසිල් රාජපක්ෂ මහතා මෙතරම් කාලයකට ඇමරිකාව වෙත යාම පොහොට්ටුවේ බොහෝ දෙනෙකුට දැන් විශාල ප්‍රශ්නයක්ව පවතින බවයි වාර්තා වුණේ.

මේ අතර විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහතා විදෙස් ගතවීමට ප්‍රථම ඔහුව ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කර ඔහුට අදාළව කාර්යාලයද විවෘත කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට උපදෙස් දී ඇති බව කියැවුණි.

කෙසේවෙතත් මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා ඉතා නිහඬ පිළිවෙතක පසුවන බවද පෙනෙන්නට ඇති කාරණයකි.

පැවති ඇමතිවරු දිවුරුම් දීමේ උත්සවයකට හෝ බැසිල් රාජපක්ෂ මහතා පැමිණ සිටිනු දක්නට නොලැබීමද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *