සජිත්ට සහය දුන් වෙබ් අඩවි වලින් C I D ය ප්‍රශ්ණකරයි !

 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වූ අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක සේවය කළ මාධ්‍යවේදීන් කිහිපදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම පිළිබඳ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය කනස්සල්ල ප්‍රකාශ කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජයග්‍රණයෙන් අනතුරුව අන්තර්ජාල ක්‍රියාකාරීන්ට තම සංවර්ධන ක්‍රියාවලියට දායක වන ලෙස ප්‍රකාශ කර තිබියදී මෙසේ මාධ්‍යකරුවන්ට හිරිහැර කිරීම ජනාධිපතිවරයාගේ සහ රජයේ ප්‍රතිරූපයට හානි කිරීමට හිතාමතාම ගත් උත්සාහයක් දැයි සොයා බැලීමට රජයේ අවධානය යොමු වියයුතු යැයි එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *