ගල්, වැලි, පස් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කිරීමේ නීතිය ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව මින් ඉදිරියට ගල්, වැලි, පස් ප්‍රවාහනය කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට හැකි වනු ඇත. ගල්, වැලි, පස් ප්‍රවාහනයේදී ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ගල්, වැලි, පස් කැණීම් කළ හැකි ස්ථාන හඳුනා ගැනීම සඳහා කමිටු කිහිපයක් පත් කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. පරිසර අමාත්‍යංශයේ මැදිහත්වීම මත එම කමිටු ක්‍රියාත්මක වනු ඇත.