නාම යෝජනා නොදුන්නොත් මං ස්වාධීනව ඇවිත් දිනලා පෙන්නනවා !

ජනාධිපතිවරණය පරාජයට පත් වුණාම සියලූ වැරදි මගේ පිටින් යවන්න හදනවා. මහ මැතිවරණයට තරග කරන්න නොදුන්නොත් මම ස්වාධීනව තරග කරනවා යැයි හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ ( 03 ) වැනිදා කියා සිටියේය.

එළඹෙන මහ මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කිරීමට ඒ මහතාට අවස්ථාව නොදීමට තීරණයක් ගෙන ඇතැයි ප්‍රකාශ වන අතර ඒ පිළබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ රන්ජන් රාමනායක මහතා …..
එක්සත් ජාතික පක්‍ෂයේ මට කැපිලි දාන උදවිය කවුද කියලා මා දන්නවා. මම එහෙම වුනොත් ස්වාධීනව තරග කරලා අන්න එතැනදී පැරදුනොත් මගේ සිනමා වෘතිය කරගෙන පාඩුවේ ඉන්නවා.

මේ හැම එකටම වැරදි මම නෙමෙයි කියලා ජනතාව දන්නවා . මහබැංකු වංචාව ගැන එදා කිසිදු පියවරක් ගත්තේ නැහැ.

දැන් කවුරු කවුරුත් මගේ පිටින් යවලා ඔක්කෝම වැරදි වහගන්න හදනවා යැයිද රාමනායක මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *