එදා මෛත්‍රීට වැන්ද අය මෙදා මෛත්‍රීට පස්ස හරවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහු බලයේ සිටින විට ඔහු වටේ හිඳිමින් දේවත්වයෙන් වන්දනාමාන කල බහුතරයක් මෙදා ඔහුට පස්සා හරවන සෙයක් දක්නට ලැබීම අපේ රටේ දේශපාලනයේ තවත් එක් ප්‍රසිද්ධ ලක්ෂණයකි .

එය මෙදා යලිත් හෙලි වන්නේ මෙසේය …..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට  පැමිණීමට තම ආසනයෙන් ඉල්ලා අස්වැන්නයි ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන්ම ඉල්ලීම් කර ඇතත් ඒ සියලු දෙන එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි

මේ අතරින් කිහිප දෙනෙක්ම මැතිවරණයෙන් පරාජය වී සිරිසේන මහතාගේ පිහිටෙන් මන්ත්‍රී දුරවලට පත්වූවන් වීමද විශේෂත්වයකි .

මේ නිසා නැවත පාර්ලිමේන්තු ඒමට ලබන මැතිවරණය දක්වා බලාසිටීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුව තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *