අගමැති මහින්ද දුන් පෙරොන්දුවක් ඉටු කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ( 8 ) අලුතින් ඉදිවන වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං සූයුවාන් සහ අනෙකුත් රජයේ ඇමතිවරුන් සමඟ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වරාය නගරයට ගොස් කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් ලෙස මුහුදෙන් ගොඩ ගත් හෙක්ටයාර් 269 ක ඉඩම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මෙම උත්සවයේ දී සමරු මුද්දරයක් සහ පළමු දින කවරයක් ද නිකුත් කරන ලද අතර ඉන් අනතුරුව මෙගා ගිනිකෙළි සංදර්ශනයක් ද පැවැත්විණි.

2020 ජනවාරි මස මුලදී කොළඹ වරාය නගරයේ මනාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වේගවත් කරන බවට අග්‍රාමාත්‍යවරයා වූ පොරොන්දුවක් මෙලෙස ඉටු කල බව ද එහිදී ප්‍රකාශ විය .

කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතිය වන අතර ඉදිරි වසරවලදී එක්සත් ජනපද ඩොලර් බිලියන ගණනක ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීමට ද අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *