දුන්න පොරොන්දුව අනුව සන්ධානයේ මැතිවරණ ලකුණ පුටුවයි – දයාසිරි ජයසේකර

ජනාධිපතිවරණයට පෙර ඇතිකරගත් එකඟතා අනුව ඉදිරි මහමැතිවරණයේ, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොදු ලාංඡනය ලෙස පුටුව ලකුණ යොදාගනු ඇතැයි විශ්වාස කරන ලබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ(11) පැවති, ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේ මහලේකම්වරයා මේ බව සඳහන්කර ඇත.

ඉදිරි මහමැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය සම්බන්ධව මේ වනවිට මත ගැටුමක් නිර්මාණය වී තිබෙන අතර පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස, ඉදිරි මැතිවරණ සඳහා පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වියයුතු බව දැඩිව කියා සිටියි.

ඔවුන් පවසා සිටින්නේ පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් නිර්මාණය කළයුතු බවත්, පොහොට්ටුවට ජැක් ගසා ඇති අනෙක් සුළු පක්ෂවල මතය වැදගත් නොවන බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *