සජිත් ට විපක්ෂ නායක කම පුදා පක්ෂ නායකකම යලිත් රනිල් ට

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවක් දැන් වාර්තා වේ. අද (05) දා මේ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදීම සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් එකඟතාවකට පැමිණ ඇති…

හිටපු ජනපති මෛත්‍රී පැජට් නිවස ගත්තේ අනියමින් ලු

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාවිතා කරන සුවිසල් නිලනිවස ද ඒ මහතාට අහිමි වන තත්වයක් උද්ගත වෙමින් පවතින බව වාර්තා වේ. කොළඹ 07, පැජට් පාරේ පිහිටි මෙම නිලනිවස යනු මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ජනාධිපතිවරයකුගේ භාවිතය සඳහාම රජයේ…

ජනතාවට ඇති වෙන්නම ගල් වැලි පස්

ගල්, වැලි, පස් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කිරීමේ නීතිය ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට තීරණය කර තිබේ.  …

නාම යෝජනා නොදුන්නොත් මං ස්වාධීනව ඇවිත් දිනලා පෙන්නනවා !

ජනාධිපතිවරණය පරාජයට පත් වුණාම සියලූ වැරදි මගේ පිටින් යවන්න හදනවා. මහ මැතිවරණයට තරග කරන්න නොදුන්නොත් මම ස්වාධීනව තරග කරනවා යැයි හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ ( 03 ) වැනිදා කියා සිටියේය. එළඹෙන මහ මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග…

රංජිත් සොයිසා මන්ත්‍රීවරයා සිංගප්පූරුවේ රෝහලකදී මියයයි .

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද ( 04 ) උදෑසන අභාවප්‍රාප්ත විය. 57 වන වියේ පසුවන දෙදරු පියෙකු වන රංජිත් සොයිසා මහතා මිය යන විට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. හදිසියේ අසනීප වූ රංජිත් සොයිසා…

ජනාධිපති ආරක්‍ෂක අංශය විසුරුවයි ආරක්ෂාවට STF !

ජනපති ආරක්‍ෂාවට කමාන්ඩෝ හා  STF බළකායක් බි්‍රගේඩියර් සෙනරත් නිවුන්හැල්ල යටතේ ප්‍රභූ ආරක්‍ෂාව පිළිබඳව විශේෂ පුහුණුවක් ලත් කමාන්ඩෝ සහ එස්.ටී.එෆ්. සීමිත භට කණ්ඩායමක් යොදවා ජනාධිපති ආරක්‍ෂක සේනාව යළි ආරම්භ කිරීමට ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නියෝග කර තිබේ. මෙම තීරණයත් සමඟ වසර…

කෙක්කෙන් හෝ කොක්කෙන් එජාප නායකත්වය සජිත්ට ?

සජිත් ප්‍රේමදාස ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුණොත් නව දේශපාලන පක්ෂයක් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වී තිබෙන බව සජිත්වාදී ව සිටිනා එජාප බලවතුන් පවසයි . නමුත් ඒ සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නොමැති බවද පවසන…

කැළණියේ උම්මත්තක ධාතු එක්ක නයි නැටවිල්ල ආයෙත්

කැළණියෙන් මතුකොට ඇදැහිය නොහැකි කතාන්දර මල්ලක් කියමින් අපේ රටේ ජනයාගේ බුද්ධියට නිගාකල නාගලොවින් ධාතු වැඩම්මවූ කතාව යලි අලුත් වටයකින් කරළියට වඩම්මවා තිබෙයි . ඒ වෙනුවෙන් දිවයින පුවත්පත මූලිකව තිබෙනා අතර මෙවැනි අමු මුසාවන් සමාජගත කිරීමේ කාර්‍යයේ ප්‍රමුඛයා ලෙසින් දිවයින වැනි…

බැසිල් මාස තුනකට ඇමරිකාවට යයි ?

එළඹෙන 05 වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යළි ඇමරිකාව බලා පිටත් වීමට සුදානමින් පසුවන බව වාර්තා වෙයි.  එලෙස ඔහු ඇමරිකාවට යන්නේ මාස තුනක පමණ කාලයකට බවද එම ආරංචි මාර්ග පවසයි . ජනාධිපතිවරණය ජයග්‍රහණය…

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන්නැයි කියයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය ව්‍යවසාය ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට, එම ධුරවලින් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් යොමුකර දන්වා ඇත. එම ආයතනවලට නැවත පුද්ගලයන් පත්කිරීම සඳහා දැනට එම ධුරවල කටයුතුකරන නිලධාරීන්ට ඉල්ලා අස්වන්නැයි මෙමඟින් දන්වා…